Press Release #4: Covid Education Crisis (Sinhala Text)


Posted by Coordinator on May 29, 2021  /  1 Comments

කෝවිඩ් අධ්‍යාපන අර්බූදය පරම්පරා ගණනකට  බලපාන අධ්‍යාපන ඛේදවාචයක් වෙන්න දෙන්න එපා.

භයානක වසංගත තත්වයකට මුහුණ දෙමින් ඉන්නේ. වසංගතය  නිසා  2020 පෙබරවාරි මාර්තු වල මුලු ලෝකෙම එකපාරටම ස්කෝල වහන්න වුනා.  දෙවන ලෝක යුද්දයට පස්සේ මේක තමයි පළවෙනි වතාව හැම රටකම පාසැල් එකවර වහන්න සිද්ධවුනේ. මෙම වසංගතය ඉස්සෙල්ලම සෞඛ්‍ය අර්බූදයක් විදියට අප වෙත ආවා.   එය  ආර්ථික අර්බූදයක්  තියෙන බව තේරුම් ගන්න මාස කිහිපයක් ගියා. තුන්වෙනි අර්බූදය වන්නේ කෝවිඩ් අධ්‍යාපන අර්බූදයයි.

වසංගතයෙන් අපට කවද හරි ගොඩ එන්න පුළුවන්. ආර්ථික අර්බූදයෙනුත්   කවද හරි අපව ගොඩගන්න පුළුවන්.  නමුත් මේ අධ්‍යාපන අර්බූදයේ  දිගු කාලීන විපාක අපි තේරුම් අරගෙන වහාම ක්‍රියාත්මක වුනේ  නැති නම් එය මහා ඛේදවාචයක් වෙයි.

කෙටි කාලීන ප්‍රශ්න අපට යම් තරමකට පේනවා.

මුලින්ම  මාස 16 කට වැඩි කාලයක් පාසැල් වහලා සංචරණය සීමා කරාම ළමයින් එක පාරටම ගෙදර කොටු වනා.  ලෝකේ රටවල් 180 ගානකින්  ඉතාමත් සුළු කොටසක මේ තත්වයේ ඉදන් අඛණ්ඩව කිසිම බාදාවක් නොමැතිව On line ක්‍රමයට ඉගැනුම ලබාගන්න පුළුවන් උනා. ඒ  ආසියාවේ සිංගප්පුරුව හා  උතුරු යුරෝපීය රටවල් දෙක තුනක විතරයි. ලෝකේ වැඩි ප්‍රමාණයක් දරුවන් අධ්‍යාපනයක්  නැතුව ගෙදර කොටු වුනා.

ලංකාවේ මෙහෙම online ක්‍රමයට හෝ අන්තර්ජාලය හරහා පාසල සමග සම්බන්ධ වීමට බැරිව  අධ්‍යාපනයෙන් හැලුණු දරුවන් නොවැම්බර් 2020  වන විට 50% කට වැඩියි  කියල අපි හොයාගෙන තියෙනව.  අන්තර්ජාලය හරහා වට්ස්ඇප් පණිවිඩ ලෙස හෝ හා  ටීවී සම්ප්‍රේෂණ ලෙස සටහන් හෝ පැවරුම් ළමයින්ට යැවීම අධ්‍යාපනය  නෙවෙයි.  ඒ එක්කම  අන්තර්ජාලයට  යන දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකුත්  තියෙනවා.

ළමයින්ට ගේ ඇතුලේ කොටුවෙලා ඉන්න එක අමාරු දෙයක් බව අපි හැමෝම දන්නවා. නමුත් ඊට අමතරව හැම ගෙදරක්ම ළමයින්ට  ආරක්‍ෂිත තැනක් නෙවෙයි. අම්මයි තාත්තයි අඩදබර කර ගන්න කොට ඒවා ළමයින්ට බලපානවා. සමහර ගෙවල්  වල ළමයින්ව අපචාරයට  ලක් වෙනවා. පමණක් ළමයින්ට පාසැල් වල දිවා ආහාරයක් සැපයුවා. ඒක නැති වුනාම පෝෂණ ගැටළුත් ඇතිවෙනවා.  මේවා යම් තරමකට කෙටි කාලීන ප්‍රශ්න. ඒවාට කෙටි කාලීන විසදුම් දෙන්න පුලුවන්.

නමුත් වසංගතයේ දීර්ඝ කාලීන විපාක ගැන අපි සැලකිලිමත් වෙනවා මදි.

මොනවාද මේ දීර්ඝ කාලීන විපාක?

පළමුව ඉස්කෝල ඇරලා තිබ්බත් ඉගෙනුම් අවදානම් තත්වයේ හිටපු ළමයින්  ඉස්කෝල වැහීම නිසා සම්පූර්ණයෙන් අධ්‍යාපනයෙන් අත හැරෙනවා.  දෙවනුව  ඉස්කෝල ඇරලා තිබ්බත්  නැතත් කාලයත් සමග කාලයත් සමග දරුවන්ගේ මොලය, සිතුවිලි හා හැගීම් වර්ධනය දිගටම සිදු වෙනවා. ඒ අයගේ අධ්‍යාපනය ඒ එක්කම සමාන්තරව යන්නේ නැතිනම් ඒ ළමයින්ගේ බුද්ධි වර්ධනයේ පුරවන්න අමාරු  ලොකු ඌනතාවයක් ඇති වෙනවා. මේකට  දැන් ලෝකයේ අධ්‍යාපන විශේෂඥයින් කියන්නේ Covid Learning Loss නැතිනම් කෝවිඩ් අධ්‍යාපන අහිමිය කියලයි.  මේ අහිමිය කොතරම් ද කියල අපි තේරුම් ගන්න diagnosis tests නැතිනම් විනිශ්චය පරීක්ෂණ  කරන්න ඕනි. ඒ අනුව එක් එක් ළමයා සඳහා ප්‍රතිකාර්ය ඉගැන්වීම් කෙරෙන්න ඕනි.

මේ කෝවිඩ් වසංගතය අද හෙට තුරන් වෙන් එකක් නෙවෙයි. ඒ නිසා කොයි දේටත් කලින් වසංගත කාලේ වුනත්  හැකි පමණින්  පාසැල්  ඇරලා තියන්න සැලැස්මක් තියෙන්න ඕනි. හැම පාසලක්ම එකම දිනයේ එක විදියට ඇරලා  බැහැ. ඒවා පාසැල් පාදකව ගත යුතු තීරණ.

ඉස්සෙල්ලාම ගුරුවරුන් අත්‍යවශ්‍ය මුල්පෙළ සේවකයින්  විදියට සලකලා සෑම ගුරුවයෙක්ටම  වහාම එන්නත ලබා දෙන්න ඕනි. ඒක වැඩි අවදානම් කලාප වලින් පටන් ගන්න පුළුවන්. පාසැල් එන දරුවන්ගේ ආසාදිත බව හෝ නැතිබව නිරන්තරව ටෙස්ට් කරන්න අඩු වියදම් ක්‍රමයක් යොදා ගන්නත්  ඕනි. ඒ එක්කම කලින් කිවුව වගේ එක් එක් ළමයාගේ  අධ්‍යාපන  මට්ටම පිළබඳව විනිශ්චය පරීක්ෂණයකින් පසුව  ඒ එක් එක් ළමයාට ප්‍රතිකාර්ය කිරීමට සැලැස්මක් තියෙන්න ඕනි.

මේ මොහොතේ අප විසින් ඒ පියවරවල් නොගත්තොත් මේ වසංගතයේ අධ්‍යාපන අර්බූදය පරම්පරා ගනනකට  බලපාන අධ්‍යාපන ඛේදවාචකයක් වෙනවා නියතයි.

1 Comment


  1. Sure I think there should be a crisis in near future like 88-89

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*