The biggest crisis in education; is that our daughters’ farda and pant?


Posted on May 22, 2009  /  0 Comments

By Ariyarathna De Alwis

The Pasala – February Volume

පූර්ව නිදහස් යුගයේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක‍්‍රමය සම්පූර්ණයෙන් ම පාහේ පැවැතියේ පෞද්ගලික පාසල් ලෙස බව අපි දනිමු. එම මිල අධික හා පළැන්තියකට පමණක සීමා වු අධ්‍යාපනය ගමේ ගොඬේ අහිංසක ¥ දරුවන්ට ලබාදීමේ අරමුණෙන් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් විසින් නිදහස් අධ්‍යාපන පනත ගෙනා බව ද අපි දනිමු. එම යුගයේ විවධ සමිති සමාගම් හා ආගමික සිද්ධස්ථාන මුල් වී පාසල් තනවා රජයට භාරදුන් බව ඔබ ද දන්නා කරුණකි’ එවැනි පාසල් රජයට පවරා දීමේ දී එකී සංවිධාන විසින් පනවන ලද විවිධ කොන්දේසි සහිතව ම එම පාසල් රජයට පවරා ගන්නා ලදී’ උදාහරණ ලෙස” විදුහල්පතිවරයා තම ආගමික නායකයෙකුවීම” තම ආගමට අයත් දරුවන් බහුතරයක් වියයුතු බව” තම ආගමිකයන්ගේ දරුවන් ඇතුළත් කරගත් පසු පමණක් අනෙකුත් දරුවන් ඇතුළත් කරගතයුතු බව” ප‍්‍රධාන ආගම තම ආගම වියයුතු බව ආදී කොන්දේසි සහිතව රජයට පවරණ ලද පාසල් රාශියක් දැනට ද පද්ධතියේ පවතී’

අධ්‍යාපනයේ සැබෑ අර්බුදය පර්දාව නොවුණත්” මේ තත්ත්වයන් තුළ ද අධ්‍යාපනික නොවූ සමාජ ප‍්‍රශ්නයක් ගොනු වී තිබේ’ එබැවින් උපාලි මහතාට වගකීමෙන් යුතුව කිවයුත්තක් තිබේ’ එනම්” තවමත් ශ‍්‍රී ලංකාවේ අති බහුතර පිරිසක් බෞද්ධයන් වන බවත්” ඔවුන්ට ඇත්තේ ඉතා ස්වල්ප වූ බෞද්ධ පාසල් ප‍්‍රමාණයක් බවත් ය’ මූලිකව ම ආගමික පදනම මත පාසල් වෙන්කිරීම සම්බන්ධයෙන් මගේ පෞද්ගලික මතයට මෙම අදහස පටහැනි වුවත්” යථාර්ථයට මුහුණ දිමට අපට සිදු වේ’

ඉහළ ඉල්ලූමක් සහිත (බම්බලපිටිය මුුස්ලිම් බාලිකි විද්‍යාලය වැනි* මුස්ලිම් පාසල්වලට හින්දු ආගම අදහන හෝ කතෝලික ආගම අදහන ද්‍රවිඩ ජාතික දරුවන් ඇතුළත් කර නොගනී’ එසේ ඇතුළත් කරගන්නා පාසල්වල ද්‍රවිඩ දරුවන්ට පර්දාව හා සල්වාරිය ඇඳීමට සිදු වේ’ අප විසින් හුදෙකලා කරන ලද එම ද්‍රවිඩ දරුවන් වෙනුවෙන් කතා කරන්නේ කව් ද?

අධ්‍යාපන අමාත්‍යංශයේ චක‍්‍රලේඛ උපුටා දක්වමින් තමන්ගේ දරුවන් ද බෙ?ද්ධ පාසල්වලට ඇතුළත් කරගන්නා මෙන් නඩු මගට බසින සමහරු තමන්ගේ පාසල්වලට අන්‍යාගමික දරුවන් ඇතුළත් කැර නොගනිති’ එසේ කරන්නේ නම්” එම දරුවන්ට විවිධ කොන්දේසි පනවති’

මීට වසර විසි පහකට පෙර සියයට සියයක් ම බෞද්ධ දරුවන් සිටි පාසල් අද මිශ‍්‍ර ආගමික පාසල් වී තිබේ’ නමුත්” දැඩි ආගමික වටපිටාවක් සහිත වෙනත් පාසල් තමන්ගේ ආගමික අනන්‍යතාව රැුක ගනිමින් තවමත් යෙහෙන් වැජඹේ’ එසේ නම්” එයින් හැෙඟන්නේ බෞද්ධ දරුවන්ට පමණක් ආගමික සහජීවනය අවශ්‍ය බව ද? නැත්නම් බෞද්ධ සංස්කෘතික සාර ධර්ම පසුබිමක සිට අධ්‍යාපනය ලැබීම අකැප බව ද?

ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය මෙන් පාසල් ගිණි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතැබීම අද අපේ වගකීම යි’ ජාතික යුතුකම යි’ බෞද්ධයන් තරම් ආගමික සහජීවනය අගය කරන කිසිදු ජාතියක් ලොවේ නැත’ එසේ වුවත් වෙනත් ආගමිකයන්ගේ උත්සාහය සමාජයේ ඇති සියළු ආගමික මතිමතාන්තර හා මූල ධර්ම බෙ?ද්ධ පාසල් වලට රිංගවා එම පාසල් තුළ අනවශ්‍ය ගැටළු මතු කිරීමට යි’ තම තමන්ගේ පාසල්වල දරුවන් නිදහසේ අධ්‍යාපනය ලබද්දී බෞද්ධ පාසල්වල දරුවන් වීදි බැස අරගල කරන තත්ත්වයට පත් කිරීමත්” ඒ තුළින් සූක්ෂම ලෙස ජාතියේ අනාගතය අඳුරු කිරීමත් හැර වෙනත් පරමාර්ථයක් ඔවුන්ට නැත’

අප අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළ යුත්තේ තම තමන්ගේ ආගමික පරිසරයන් තුළ ඇති පාසල් බාධාවකින් තොරව මුල් ස්වභාවයෙන් ම පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසරය සකස් කරන දෙන ලෙසයි’ එය බෞද්ධයන්ට පමණක් නොව අනෙකුත් ආගමිකයන්ට ද සහනයකි’

පාසල් දරුවන්ට පොදු ඇඳුමක් රජය විසින් නියම කොට තිබිය දී මුස්ලිම් ගැහැණු දරුවන්ට පර්දාව ඉල්ලා සිටියේ ඔවුන් ම ය’ මුස්ලිම් ගැහැණු දරුවන්ගේ පර්දාව හා පිරිමි දරුවන්ගේ හිස් වැසුම ඔවුන්ගේ ආගමික අනන්‍යතාවේ සළකුණක් සේ ද සැළකේ’ වෙනත් කිසිදු ආගමක එවැනි පාසල් දරුවන් තුළින් විද්‍යාමාන වන සංකේත කිසිවක් නොමැත’ මේ භයානක අනාගත පෙරනිමිත්තකි’ දහස් ගණනක් දරුවන් අතර පර්දාවෙන් සැරසුනු දරුවන් කිහිප දෙනෙකු සිටින විට ඔවුන් කැපී පෙනේ’ ඇඳුම නිසා ම ඔවුන් අපහසුතාවන්ට ලක් වේ’ පාසලේ ඇතිවන ගැටළු සමාජයට කාන්දුවීමෙන් ජාතික ගැටළු දක්වා ඒවා වර්ධනයවීම වැළැක්විය නොහැකි ය’ ඔවුන්ට එම සළකුණු සහිතව ම නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ම වූ පාසල් සකස් වී තිබේ’ ඒවායේ එම තත්ත්වයන් පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව ද රජය විසින් සකස් කොට තිබේ’

මා දන්නා තරමට බෙ?ද්ධ දෙමාපියන් තමන්ගේ දරුවන් වෙනත් ආගමික පාසල්වලට ඇතුළත් කොට මෙවැනි අර්බුද ඇතිකොට නැත’ එබැවින්” ආගමික හා සාමාජික ගැටළු පාසල් පද්ධතියට රිංගවීම ජාතියක් ලෙස සමගියෙන් සිටීමට වෙර දරන මේ මොහොතේ වැඩිහිටියන් ලෙස අප නොකළ යුතු ය’

මුස්ලිම් බහුතරයක් සහිත ප‍්‍රදේශවල මුස්ලිම් පාසලේ පිහිටුවා ඇති අතර” එවැනි පාසල් නොමැති වටපිටාවක ජන ගණත්වය අනුව එවැනි පාසල් පිහිටුවීම රජයේ වගකීමකි’ එසේ නොමැතිව වෙනත් සමාජ ප‍්‍රශ්න ඇති කිරීමට අනුබල දීම දේශපාලකයන්ගේ කාර්යය නොවේ’

මා දන්නා තරමින් දියුණු යැයි කියන බටහිර ලෝකයේ පාසල්වල පවා ආගමික සළකුණු ප‍්‍රදර්ශණය කිරීම තහනම් වේ’ එසේ ම” බොහෝ රටවල ආගම විෂයය ද පාසල් පද්ධතියෙන් බාහිරව ඉගැන්වේ’ අපේ ජාතික ගැටළු විසඳීමට මැදිහත් වන” ආධාර උපදෙස් සපයන රටවල තත්ත්වය එසේ නම්” අපට ද ඔවුන් අනුගමනය කළ හැකි ය’ නමුත්” සාම කාක්කන්ට අවශ්‍ය වන්නේ ගැටුමකි’ ඔවුන්ට ආවඩන අපේ මානව හිමිකම් ඩොලර් කාක්කන්ට ද අවශ්‍යව ඇත්තේ අපේ අහිංසක ¥ දරුවන් හා දෙමාපියන් ගැටුමකට පොළඹවා තම ඊණියා අවශ්‍යතාව ඉටු කරවා ගැනීම යි’ මගේ පෞ?ද්ගලික මතය නම්” අපේ උපාලි චන්ද්‍රසිරි මහතා ද නොදැනුවත්ව ම එකී ඊණියා අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින බව යි’

(මෙහි දැක්වෙන්නේ ලේඛකයාගේ පෞද්ගලික අදහස් මිස” ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අදහස් නොවේ’*

Leave a Reply

Your email address will not be published.

*

*

*