නිර්සත්වයින් තනන නූතන අම්මාවරුණේ – කවියක්


Posted on June 2, 2014  /  1 Comments

 

සිස්සත්වේ ජය ටැඹ වෙත ඇදගෙන ගිය      අම්මා

තාත්තට බැන වදිමින් මට වද දුන්              අම්මා

වෙල් එළියද ඇලද දොළද තහනම් කළ      අම්මා

විඳින්න නොව විඳවන්නට මට හුරු කළ      අම්මා

 

නෑ මිතුරන්ගේ ඇසුරද මට නැති කළ          අම්මා

පත්තරවල කට්ටලවල මා තනි කළ            අම්මා

ළමා ලොවේ සුන්දර දේ වසන් කෙරුව       අම්මා

අහිමිව ගිය ඒ ලෝකය දෙන්නකෝ මගේ   අම්මා

 

ටොකු ඇන ඇන මට වද දී තරඟ කරන       අම්මා

ලඟින් සිටිය මගේ මිතුරන් දුරස් කෙරුව      අම්මා

විභාගයේ දින ගනිමින් ජය පැන් බොන       අම්මා

අගාදයේ දූරටුව ළඟ මා තනි වුනි                අම්මා

 

ප්‍රේමරත්න ගල්හේන

 

1 Comment


Leave a Reply

Your email address will not be published.

*

*

*