කොළඹ රාජකීය විදුහලේ ’72 කණ්ඩායම අඩසිය වසර සැමරූ වගයි


Posted on October 23, 2007  /  0 Comments

රාජකීය කියූ සැනින්ම සිතට ගාම්භීරත්වයක් නැඟෙන්නේ එහි එතරම්ම අභිමානයක් ගම්‍යව ඇති බැවිනි. එවන් අභිමානයකින් යුතුව කි‍්‍ර. ව. 1835 දී එවකට ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාර ධූරන්දර ශී‍්‍රමත් විලියම් නෝර්ටන් උතුමාණන්ගෙන් ඇරඹි කොළඹ රාජකීය විද්‍යාලය, ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නව නැම්මක් ලෙස හැ¼ඳින්විය හැක.

1963 කොළඹ රාජකීය ප‍්‍රාථමික පාසලට ඇතුළත්ව, 1976/1977 වසරවලදී රාජකීය විද්‍යාලයෙන් නික්ම ගිය 72 කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් බහුතරයකට අඩසිය වස පිරිපුන් වීම මේ ලිපියට හේතු පාදක වී ඇත.

එදා මෙන්ම අද දක්වා විදුහලට දැඩි ඇල්මකින් හා බැඳීමකින් සිටින 72 කණ්ඩායම, 80 කට වඩා අධික සාමාජිකත්වයකින් සමන්විත වීම විශේෂිතය. සිංහල, දමිළ හා ඉංගී‍්‍රසි මාධ්‍ය තුනෙන්ම සිප් සතර හැදෑරූ සිසුවෝ මේ අතර වූහ. මේ පිරිසෙහි බහුතරයක් රටට දැයට වැඩදායී පුරවැසියන් වීම අප කණ්ඩායමට ආඩම්බරයක් ගෙන දෙන්නකි. මැති, ඇමතිවරුන්, දේශපාලඥයින්, මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්යවරුන්, නීතිඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගණකාධිකාරිවරුන් මෙන්ම ලේඛකයින්, කලාකරුවන්, කී‍්‍රඩකයින් සහ අතිසාර්ථක ව්‍යාපාරිකයන් බිහිකළ මෙම කණ්ඩායම ඒ ගැන උදම් අනන්නේ මහත් ආඩම්බරයකිනි.

පසුගිය කාලය දෙස හැරී බැලීමේදී අප කණ්ඩායමෙන් වූ සේවාවන් අතර ශිෂ්‍යත්ව පිරිනැමීම, විදුහල් ගොඩනැඟිලි පිළිසකර කිරීම, විද්‍යාලයීය කී‍්‍රඩා සංකීර්ණය සඳහා දායකත්වය ලබාදීම, ශිෂ්‍යනායක සමුළු පැවැත්වීම සහ විශේෂ පරිත්‍යාග පිරිනැමීම ප‍්‍රධාන තැනක් ගනී.

මෙම අඩසිය වස පිරීම නිමිත්තෙන් නොබෝදා පැවති විශේෂ ආගමික උත්සව පෙළ වැදගත් තැනක් ගනී. කොළඹ සම්බෝධි විහාරයේදී සුමධුර ධර්ම දේශනාවක් ද පසුව සාංඝික දානමය පුන්‍ය කර්මයකින්ද, මෙය ආරම්භ කෙරුණි. අනතුරුව කොළඹ සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් ද, ජින්තුපිටිය මහා කෝවිලේ දී විශේෂ පූජාවක් ද එයින් අනතුරුව දවටගහ මුස්ලිම් දේවස්ථානයේ විශේෂ යාඤ්ඤාවක් ද පවත්වන ලදී. මේ ආගමික උත්සව පෙළට 72 කණ්ඩායමේ සාමජිකයන් සහ සිය පවුල්වල ඥාතීන් විශාල ලෙස සහභාගී වීම කැපීපෙනෙන සිද්ධියක් විය.

එදා සිට අද දක්වා ආපසු හැරී බැලීමේදී 1963 සිට 1971 කාලය තුළ රාජකීය ප‍්‍රාථමික පාසලේ මුල් ගුරුව සිට පසුව රාජකීය කණිෂ්ඨ විදුහලේ විදුහල්පති ධුරයට පත්වූ එච්. ඩී. සුගතපාල මැතිඳුන් මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. මුළු රටටම ජාත්‍යන්තර කීර්තියක් ලබාදුන් ‘නව රඟහල’ හී නිර්මාතෘ වරයා මෙතුමායි. අනතුරුව විදුහල්පතිවරයා ද එච්. පී. ජයවර්ධන මැතිතුමාගේ මගපෙන්වීම ද ඉතා අගය කොට සලකමු. එමෙන්ම උප විදුහල්පතිනියන් වූ ජයසිංහ මැතිණිය, සුගතපාල සහ නානායක්කාර මැතිණියද මෙහිදී සාදරයෙන් සිහිපත් කරමු.

1972 වසරේ රාජකීය විද්‍යාලයට පිවිසි සිසුන් ලෙසින් බිහිවුණු “72 කණ්ඩායම” වෙනුවෙන් එම විදුහල ඉහළම ස්ථරයකට ගෙන ආ අපේ යුගයේ විදුහල්පතිතුමන් සිහිකිරීම අත්‍යවශ්‍ය කරුණකි. මුලින්ම ඩී. ජී. වැලිකල මැතිතුමාත්, එමෙන්ම ඩී. ජේ. එන්. සෙනෙවිරත්න මැතිතුමාත්, සිහිපත් කරනු කැමැත්තෙමු. අනතුරුව විදුහල්පති වූ එල්. ඩී. එච්.පීරිස් මැතිතුමා අපිට මග පෙන්වූ ගුරු දෙවියෙක් බඳුය.

මෙම වකවානුව තුළ විනය හා හික්මීම මැනවින් කියාදුන් නියෝජ්‍ය විදුහල්පති කි‍්‍රස්ටි ගුණසේකර මැතිතුමාටද අපේ ගෞරව ආචාරය පිරිනමමු. එමෙන්ම, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිට අනතුරුව ගුරුවරයෙකු අංශ ප‍්‍රධානියෙකු සහ උප විදුහල්පතිවරයෙකුව විශ‍්‍රාම ලත් වි. ජි. වීරසිංහ මැතිතුමා අපගේ ජීවමාන මුදුන් මල්කඩ බඳුය. ආදි ශිෂ්‍ය මහා සංගමයේ ගරු උපදේශක වරයෙකු වශයෙන් අදත් සිටින, මෑතකදී අසූවියට පා තැබූ එතුමාට දීර්ඝායු පතමු.

මෙවන් දිගුකලක් අඛණ්ඩව 72 කණ්ඩායම ඉදිරියට ගෙන ආ මෙම කණ්ඩායමේ හිටපු සභාපතිවරුන් මෙම විශේෂ මොහොතේ සිහිපත් කිරීම අප සතු යුතුකමකි. ජනක එදිරිසිංහ, ශියාන් පෙරේරා, රජීව් වල්පිට, ආනන්ද තේනබදු, රියාඩ් සුබි, නිරාජ් ද මැල්, රීසාන් නසීර්, ජෙහාන් අමරතුංග, අසංක වීරසිංහ, මයුර ප‍්‍රනාන්දු, ඩිනාල් පිලිප්ස්, ගාමිණී පිටිපන, ධම්මික සිරිවර්ධන, විකුම් සිරිවර්ධන, කමිල් වීරසේකර, මහේෂ් චන්ද්‍රසේකර යන මහත්වරුන් ඇතුළු ඔවුන්ගේ විධායක කාරක සභා සාමාජිකයින්ට අපගේ ප‍්‍රණාමය හිමිවිය යුතුය.

තවද වත්මන් සභාපති සුමිත් ගුරුගේ, උප සභාපති අනිල් වික‍්‍රම සහ ඉදිරි වසරේ සභාපති ශංකර් සෝමසුන්දරම් යන මහත්වරුන් ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත.

රාජකීය විද්‍යාලයීය 72 කණ්ඩායමේ සහෘදයිනි, මේ ආ දිගු ගමනේ තවත් සන්ධිස්ථානයකට එළඹී සිටින මේ මොහොතේ එතෙක් ආ දිරියෙන්, සවියෙන් හා බැඳීමෙන් තව බොහෝ දුර ගමනක් යාමට මෙලෙස අදිටන් කර ගනිමු. ඒ ගමන යාමට වාසනාව උදාවේවා යනු අපේ පැතුමයි.

 

සමන් සී. ද සිල්වා ලේකම්
රාජකීය විද්‍යාලයීය 72 කණ්ඩායම

http://www.dinamina.lk/2007/10/23/_art.asp?fn=n07102324

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*