Ignorance School classification


Posted on April 10, 2009  /  0 Comments

By S. M. Ariyarathna De Alwis
The Pasala – October Volume

අවිද්‍යාත්මක පාසල් වර්ගීකරණය හෙවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම

ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින අතාර්කික ප‍්‍රපංචයන් අතර  කවර නිර්නායකයන් යටතේ වුවත් සාධාරණීකරණය කළ නොහැකි එක් ප‍්‍රපංචයකිලපාසැල් වර්ගීකරණයග  වර්තමානයේ පවතින පාසල් වර්ගීකරණය පිළිබඳ විවේචනය කිරීමට වඩා මා අදහස් කරන්නේ විය යුතුව ඇත්තේ කුමක්දැයි විග‍්‍රහ කිරීම යි,  යමක් කළේ කවුද?  යන්න විමසීමට වඩා කළ දේ කුමක් ද?  එහි යහපත් හෝ අයහපත් ප‍්‍රථිඵල කවරේ ද?  එහි කිසියම් අඩු පාඩුවක් ඇත්නම් නිවැරදි කළ හැක්කේ කෙසේ ද? යන ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීම සැබෑ ලෙස ලංකාවේ අධ්‍යාපන පද්ධතියට ආදරය කරන්නවුන් විසින් කළ යුතුම කාර්යයකි.  අපේ රටේ සිදුවන්නේ එය නොවේ.  අසුවල් ප‍්‍රතිසංස්කරණයල අසුවල් විභාග වෙනසල අසුවල් උසස්වීම් ක‍්‍රමයල අසුවල් විෂය කප්පාදුව කළේ අපේ කාලයේ යග  මා විසින් යැයි කියමින් කාලකන්ණි සතුටක් විඳීමට කුමක් හෝ දෙයක් තමන්ගේ රාජකාරි කාලය තුළ කිරීමය.  ජාතියේ අභාග්‍ය සම්පන්න අවාසනාව නම්, ඒවායේ අනිටු ඵල දකිමින් ම උගත් බුද්ධිමත්ල පිරිස ද නිලධාරින් ද නිහඩව සිටීම ය,  මෙම තත්වය වටහා ගත් බුද්ධිමතුන් අතීතයේ හෝ වර්තමානයේ නොසිටියා හෝ නොසිටින්නේ නොවේ.  ඔවුන්ගේ හඩ මතුවීමට ඊනියා එහෙය්යෝ කිසි විටෙකත් ඉඩ නොතබති.

අද අපේ රටේ කි‍්‍රයාත්මක සමහර ප‍්‍රාථමික පාසල් වල (වර්ගීකරණය කුමක් වුවත්* අවසන් නිශ්චිත ශ්‍රේණියක් නොමැත.  විදුහල්පතිවරුන් කලාප කාර්යාලය විමසා වසරින් වසර පන්ති ප‍්‍රමාණය ඉහළ දමා 6, 7, 8 ආදි වශයෙන් ශ්‍රේණි ප‍්‍රමාණය වැඩි කළ පාසල් සෑම පළාතකම පාහේ තිබේ.  මෙහි ඇති විශේෂය නම්, ඒවා අධික ඉල්ලූමක් සහිත දේශපාලකල නිලධාරි ඇල්ම බැල්ම සහිත පාසල් වීමයි.  අනෙක් අතට දුෂ්කර ප‍්‍රදේශ වල හා නාගරික, අර්ධ නාගරික දුප්පතුන් බහුල ප‍්‍රදේශ වල පිහිටි දේශපාලකල නිලධාරි ඇල්ම බැල්ම රහිත කුඩා පාසල් සමහරෙක කිසිවෙකුත් නොවිමසා වසරින්වසර ශ්‍රේණි ප‍්‍රමාණය අඩුවෙමින් පවතී.

අපගේ වැටහීම අනුව නම් සියළු ම ප‍්‍රාථමික පාසල් 1-5 ශ්‍රේණි වලට පමණක් සීමා විය යුතු ය.  භෞතිකවත්, මනෝ විද්‍යානුකූලවත්, ජෛව විද්‍යානුකූලවත් එය සාධාරණය.  මන්ද දරුවාගේ මුල් වසර කිහිපය ඉතාමත් සුවිශේෂ වකවානුවක් වන හෙයිනි.  නමුත් අපගේ පාසල් පද්ධතිය එසේ දරුවාගේ කායික මානසික වර්ධනය හා සැකැස්මත්, අවශ්‍යතාත් සැලකිල්ලට ගෙන ඇති බවක් නොපෙනේ.

උදාහරණ කිහිපයක් පමණක් මෙහි ලා සඳහන් කරනු කැමැත්තෙමි.  භෞතික වශයෙන් එය ගත්කළ වත්මන් ප‍්‍රාථමික පාසලේ පුස්තකාලය සකස් වී ඇති ආකාරය සළකා බලමුග භෞතික සම්පත් සපැයීම අතින් ගත් කළ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පුස්තකාලය සඳහා සපයන මේස, පුටු, රාක්ක ආදිය ම ප‍්‍රාථමික පාසල් සඳහා ද සපයනු ලැබේ.  පොත්පත් සැපයීමේ දී වුවත් වැඩි විශේෂත්වයක් නොපෙනේ.  පුස්තාකාලයේ මේසය අසල ඇති පුටුවේ වාඩිවන දරුවාට පෙනෙන්නේ මේසයේ යටි පැත්ත යි.  මේසය මත පොතක් පතක් තබා කියැවීමට ඔහුට හෝ ඇයට නොහැකි ය.  රාක්කයක් මත ඇති පොතක් තෝරාගැනීමට දරුවාට නොහැකි ය.  මීට හේතු වී ඇත්තේ ප‍්‍රමිතීන් සකස් කිරීමේ දී කුඩා දරුවන් ගැන නොසිතීමයි.

මීළඟට පරිගණක කාමරය දෙස බලන්න. පොදුවේ  ඕනෑම පරිගණයකයක් සමඟ ලබාදෙන පරිගණක මේස, පරිගණක පුටු, මෘදුකාංග හා ආරක්ෂක උපකරණ හැරුණු විට කුඩා දරුවන් උදෙසා තැණුනු කිසිවක් ඔවුන්ට නොලැබේ.  භාණ්ඩ ලේඛනයේ අංග සම්පූර්ණ පරිගණක ඒකකයක් ප‍්‍රාථමික අංශයට ලබා දී ඇතැයි සටහන් වුවත් කුඩා දරුවන්ට එය පරිහරණය කළ නොහැකි බව දන්නේ ගුරුවරුන් පමණි.

ප‍්‍රාථමික පාසල්වල වැසිකිළි පිළිබඳව සැලකීමේ දී මෙම තත්වය තවදුරටත් පැහැදිළි වේ.  අපේ රටේ කිසිම ප‍්‍රාථමික පාසලක කුඩා දරුවන් සඳහා සකස් කරන ලද වැසිකිළි හෝ කැසිකිළි නොමැත.  කුඩා දරුවා වැඩියිටියන් සඳහා සකස් කරන ලද වැසිකිළියකට ඇතුල් වූ සැණින් භීතියට පත් වේ. එම වැසිකිළියේ වැඩිහිටයෙකු සේ වාඩිවීමට ඔහුට හෝ ඇයට නොහැකිය.  එබැවින් කුඩා දරුවා වැසිකිළියට ඇතුළු නොවී දොර නොවසා මග සිටම අවශ්‍යතාව ඉටුකර ගනී.  ඔහු වැඩිහිටියෙකු වූ දිනෙක එසේ ම නොකරන්නේ දැයි කාට නම් සහතික කළ හැකිද?

පානීය ජලය සම්බන්ධයෙන් ද තත්වය එසේම යග  ජල කරාමය සවි කරන්නේ කුඩා දරුවන්ගේ අවශ්‍යතාවන් හා සැසැඳෙන අයුරින් නොවේ. එම කරාමය විවෘත කළ විට කුඩා දරුවා ජලයේන නැහැවී යයි.  ඈතින් සිට යම්තම් තොලකට තෙමා ගන්නා දරුවා කරාමය නොවසාම ඉවත් වෙයි.

මෙවැනි උදාහරණ අවශ්‍ය තරම් ඉදිරිපත් කළ හැකි වුවත් පවත්නා තත්වය තේරුම් ගැනීමට තව තවත් කරුණු අනවශ්‍ය යැයි සිතමි.

භෞතික තත්වයන් සේම ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක කරුණු සළකාබැලීමෙන් ද මෙම පාසල් වර්ගීකරණය අතාර්කික බව පැහැදිළි වනු ඇත.  අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව ප‍්‍රාථමික අධ්‍යාපනය මිශ‍්‍ර ලෙස ලබාදීමෙන් සාධනය ඉහළ තලයකට නෙංවාලිය හැකිය. ජීව විද්‍යාව අනුව ලිංගිකත්වයේ වෙනස අනුව සිදුවන කිසිදු චර්යාත්මක බලපෑමක් මුල් වසර අට හෝ දහය ඇතුළත දරුවා තුළ ඇති නොවේ.  එසේ සලකා බලනවිට තවත් එක් වැදගත් හේතුවක් පැහැදිලි වේ.  එනම්, ලිංගිකඅත්හදා බැලීම් සඳහා වඩාත් පෙළැඹුම් කරන අවධියේ දරුවන් සමඟ එකට තැබීමෙන් කුඩා දරුවන් ඔවුන්ගේ අත්හදා බැලීම් සඳහා භාජනය වනු ඇත.  මෙම තත්වය අද පාසල් පද්ධතියේ ප‍්‍රසිද්ධ ගැටළුවක් ලෙස වර්ධනය වෙමින් පවතීග

අනෙක් අතට බස්නාහිර ඇතුළු බොහෝ පළාත් වල ගුරු අතිරික්තයන් දැකගත හැකි වුවත්, ග‍්‍රාමීය පාසල් වල තත්වය පුදුම සහගතය.  සමහර පාසල් වල ගුරු ලේඛනයට අනුව ගුරුවරුන් අතිරික්තය. නමුත් ප‍්‍රාථමික අංශයේ ගුරුවරු නොමැත.  චක‍්‍රලේඛ වලට අනුව අනුප‍්‍රාප්තිකයෙකු නොමැතිව පළමු හා දෙවන ප‍්‍රධාන අවධිවල දරුවන්ට උගන්වන ගුරුවරුන්ට මාරුවීම් ලබා නොදේ.  යථාර්ථය දැක ගැනීමට අවශ්‍ය නම් ගමේ පාසලට එබී බලන්නැයි නිලධාරින්ට හා දේශපාලකයන්ට ඇරයුම් කිරීම වටී.  ප‍්‍රාථමික පාසල වෙන් කිරීමෙන් ගුරු අතිරික්ත ගැටළුව විසඳිය හැකි ය.  එසේ ම ගුරු හිඟයක් ඇති වීමට ද ඉඩ නැත.  බුද්ධාගම හෝ නැටුම් උග්නවන ගුරුවරුයා පළමු වන හෝ දෙවන ශ්‍රේණියේ ගුරුවරා නොවනු ඇත.

ඉහත හේතු නිසා 1 සිට 5 දක්වා වන ශ්‍රේණි ඇතුළත් පාසල් ප‍්‍රාථමිකපාසල් ලෙස වෙන් කිරීම ඉතා සුදුසු වේ.

මෙම නව ක‍්‍රමය අනුව,

1-5 ශ්‍රේණි ඇතුළත් පාසල් ප‍්‍රාථමික පාසල් ලෙස ද,
6-11 ශ්‍රේණි ඇතුළත් පාසල් ද්විතියික පාසල් ලෙස ද,
12-13 ශ්‍රේණි ඇතුළත් පාසල් ජ්‍යෙෂ්ඨ පාසල් ලෙස ද වර්ග කිරීම සුදුසුය.

කෙසේ නමුත් ජනගහණයේ විසිරීමට අනුවහා පාසල්පිහිටීම අනුව ද්විතියික හා ජ්‍යෙෂ්ඨ පාසල් වල පන්ති ප‍්‍රමාණය වෙනස් කළ හැකිය.  නමුත් ප‍්‍රාථමික පාසලේ ව්‍යූහය කෙසේවත් වෙනස් නොකළ යුතු වේ.

ඉහත යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරිය යුතු නොවේ,  1992 ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇති අන්දමටම (පිටුව 62* අධ්‍යාපනය සඳහා වන ශිෂ්‍ය සහභාගිත්ව දර්ශකය ආපසු හැරීම ආරම්භවී තිබේ.  ඒ අනුව සටන් පාඨ වලින් පාසල් වැසීයාම නවතාලිය නොහැකි වනු ඇත.  ඉන් අදහස් කෙරෙන්නේ තව තවත් පාසල් ඉඩකඩ දරුවන් සඳහා ලබාදිය හැකි බවයි.  අවශ්‍ය වන්නේ තීරණ ගැනීමේ ධෛර්යය හා අවංක චේතනාව පමණි.

මම මගේ පන්තිය හා මගේ දේශපාලන මති මතාන්තර ඉවත දමා රටේ අනාගත පරපුර ගැන පමණක් අවංකවම සිතා සියළු පාසල් වලින් ප‍්‍රාථමික අංශය වෙන් කරන්නේ නම්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 1992 දී යෝජනා කළ පරිදි හා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකුලව ළමුන් 25-30 අතර ප‍්‍රමාණයක් ඉගෙනුම ලබන සුව පහසු පන්ති කාමරයක් ජාතියේ දරුවන්ට හිමිවනු ඇත,

නව දහසකට මදක් වැඩි කි‍්‍රයාත්මක පාසල් අතුරින් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් බවට පත් කළේ පාසල් දෙසීයකට වඩා අඩු ජනපි‍්‍රය යැයි කියාගන්නා පාසල්විසිනි.  මෙම පාසල් කිහිපයෙන් ද ප‍්‍රාථමික අංශ ඉවත් කළ යුතුව තිබේ.  මෙම පාසල් සට විසින් බල්ලා නැටවීමේ කලාව පරම්පරා කිහිපයක් තිස්සේ ප‍්‍රගුණ කරවා ඇත.  අද අධිකරණය පවා එම ශෝචනීය රංගනයට නොදැනුවත්ව ම දායක වී සිටී.  කළ යුතුව ඇත්තේ කළු සුදු භේද නොසළකා ජාතික තීන්දුවක් ගැනීමය.  (ගැටළුව ඇත්තේ අවැනි ධෛර්යසම්පන්න ආයතනයක් හෝ පුද්ගලයෙක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇත් ද යන්නයි.  මෙම තින්දුව කිසිවෙකු හෝ ගතහොත් අධිකරණයට, විධායකයට හා දේශපාලනයට මෙතෙක් කිසිදාක විසඳීමට නොහැකි වූ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ගැටළුව ද ඉබේටම ම විසඳෙනු ඇත.  එසේ ම පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරවා ගැනීමට කූට ලේඛන තැනීමට වියදම් කරන මුදල් ද, ගතකරන කාලය ද, දේශපාලකයන්ගේ ලිපි ශීර්ෂ හා තීන්ත ද ඉතිරිවනු ඇත.  නමුත් සමහරුන්ගේ ආදායම්මාර්ග ශීඝ‍්‍රයෙන් පහත වැටී සාමාන්‍ය ආදායම් ලාභීන්ගේ ගණයට වැටීම නම් කිසිවෙකුට නැවැත්විය නොහැකි වනු ඇත.

අනෙක් අතට පරිපාලනමය ගැටළු අද අධ්‍යාපන පද්ධිතය වෙලාගත් තවත් අර්බදුයක් බවට පත්ව තිබේ.  මේ සඳහා ද විසඳුමක් ප‍්‍රාථමික පාසල් වෙන් කිරීම තුළ තිබේ.  එනම්, දැනට පාසල් වර්ග අනුව අධ්‍යක්ෂවරුන්, කාර්ය මණ්ඩල, කාර්යාල ආදි වශයෙන් මහත් රාශියක් නඩත්තු කරනු ලබයි.  ඒ සියල්ල අඩකට අඩු කිරීමට මේ වෙනස හේතු වනු ඇත.

පෙළ පොත්ල ගුරු අත්පොත්ල ගුරු පුහුණුවල ගුරු මාරුල උසස්වීම් ආදිය ද විධිමත් හා පහසු කිරීමට මෙම ක‍්‍රමය මහත් පිටිබලයක් සපයනු ඇත. පරිපාලනය සරල කි‍්‍රයාවලියක් වීමෙන් අවශ්‍ය නම් විෂය අධ්‍යක්ෂවරුන්ට හා උපදේශකවරුන්ට තමන් කිසිදා බලාපොරොත්තු නොවූ ලෙස පන්ති කාමර ඉගැන්වීමේ කි‍්‍රයාවිලයට ද සහභාගි විය හැකි වනු ඇත.  ග‍්‍රාමීය මට්මෛන් වැසීයාමේ අවදානමට ලක් වී දරුවන්ගේ පා පහසින් වියැකෙමින් පැවැති කුඩා පාසල් ළමා ළපැටියන්ගේ සුරත්ල බසින් හා  සිනා හඩින් යළි පිබිදෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.

*

*

*