1 වසරට කප්පම්


Posted on May 25, 2009  /  0 Comments

– කිසිම දූෂණයක් නැහැ –
අමාත්‍යාංශය විකට ජවනිකාවක…
එසේනම්, 1 වසරට කප්පම් ඇයි?

ඇතුල් වීමේ ගාස්තු ලෙස රු. 6500 ක් ගෙවීම ප‍්‍රතික්ෂේප කළ ගම්පොළ සහිරා විදුහලේ දෙමව්පියෙකු පාසල් පරිශ‍්‍රයේදී පහරදීමකට ලක්වූ බව ලංකාදීප පුවත් පතේ පළවූ ප‍්‍රවෘත්තියක දැක්වේ. පහර දෙනු ලැබූවකු පවසා තිබුණේ ඔහු නිසා පාසලට අවශ්‍ය මුදල් ලබාගත නොහැකි වූ බවයි.

පාසල් සංවර්ධන සමිතිය විසින් අළුතින් පාසලට ඇතුළුවන සෑම 1 වසර සිසුවෙකුගෙන්ම රු.6500 ක් අය කිරීමට තීරණය කර ඇති බවයි, පෙනෙන්නට තිබෙන්්නේ. පහසුකම් ගාස්තු වශයෙන් රු. 36 ක් පමණක් අය කළ යුතු බවට උසස් අධිකාරීන් නියම කර තිබූ බවට අර්බුදයේ සිටින දෙමාපියා චෝදනාකරයි.

අනෙක් පාසල් වල ඇතුළත් වීමේ ගාස්තු අය කිරීම කෙබඳු ද? ගම්පොළ සහිරා විදුහලට වඩා නියමිත ඇතුළත් වීමේ ගාස්තුවක් අන් පාසල්වලට අමාත්‍යවරයා හා අමාත්‍යාංශය විසින් නියම කරයි ද? මේ අමාත්‍යාංශය විසින් සත්‍ය සොයා යා යුතු කාලයයි.

සත්‍ය කතාව නම් පාසල් වලට ප‍්‍රමාණවත් මුදල් දීමට රජයට හැකියාවක් නොමැති බවයි. විදහල්පිතවරුන්ට හා දෙමාපියන්ට අවශ්‍ය පරිදි නොයෙක් ක‍්‍රම වලින් අවශ්‍ය මුදල් රැස් කිරීමට බළධාරීන් ඉඩ හැර ඇත. වැදගත්ම කාරණය වන්නේ මේ සඳහා පළමු වසරට ඇතුළත් වන සිසුන්ගේ දෙමාපියන්ගෙන් බදු අය කිරීමයි. දෙමාපියන් නිහඬවම ගෙවීම් කරද්දි, මෙහි දූෂණයක් හො දූෂිත දේශපාලනයක් නොවන බව පෙන්වාදීමට බළධාරීන් උත්සාහ දරයි. එක් දෙමාපියෙකු හෝ ගෙවීම ප‍්‍රතික්ෂේප කළ විට ගරා වැටෙන නිදහස් අධ්‍යාපනයේ නිරුවත මොනවට පැහැදිලි වේ. පාසල් තුළ මේ තත්ත්වය තව දුරටත් රැුඳීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය වගකිව යුතු ය.

මේ සඳහා මම විසඳුම් දෙකක් යෝජනා කරමි.

1. පළවෙනි කාරණය හරිම සරලයි. සියළුම ජ්‍යෙෂ්ඨ පාසල් වලින් ප‍්‍රාථමිකය වෙන් කළ යුතු ය. ද්ව්තිකි අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ අවශ්‍යතා සඳශා ප‍්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ දෙමාපියන්ගෙන් බදු අය නොකළ යුතු ය.

2. දෙවෙනි කාරණය – අධ්‍යාපනය යනු කේන්ද්‍රීය විෂයයකි. අධ්‍යාපනය සඳහා අමාත්‍යවරයෙක් හා කොළඹට කේන්ද්‍රගත වී සිටින විශාල පරිපාලන පද්ධතියක් අපට අවශ්‍ය වන්නේ ඇයි? මධ්‍යම ආණ්ඩුවෙන් සිටින බළධාරී මණ්ඩලය වහාම අඩු කළ යුතු අතර ඔවුන් වෙනුවෙන් වැයකරන මුදල් ද්වීතික අධ්‍යාපන අවශ්‍යතා වර්ධනය සඳහා යොමු කළ යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*