අබායා ඇඳීමේ අයිතිය සඳහා අරගලයක් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර විරසකයක් ඇති කරයි.


Posted on February 23, 2022  /  0 Comments

සම්ප්‍රදායක් ලෙස සියලුම ගුරුවරියන් විසින් සාරියක් ඇඳ සේවයට එන පාසලක් වන ෂන්මුගා හින්දු කාන්තා විද්‍යාලයේ (SHLC) ගුරුවරුන් පිරිසක් සේවය කිරීමට අබායා ගවුම ඇඳීමට පටන් ගැනීමත් සමඟ විරසකයක් ඇති වී ඇත.. මුස්ලිම් ගුරුවරුන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර අබායා ඇඳ පාසැලට පැමිණීමේ අයිතිය ලබා ජයග්‍රහණය කළ නමුත් ඔවුන් තවදුරටත් එම්ම පාසලේම සේවය කිඊමේ අයිතිය සඳහාද නැවත ආයාචනා කර ඇත.

ඉංග්‍රීසියෙන් පලවූ ලිපියක ආචාර්ය අමීර් අලි පෙන්වා දෙන පරිදි, වාර්ගික සහජීවනය පිළිබඳ විශාල ප්‍රශ්නයේ නාමයෙන් ඔවුන් පසු බැස වෙනත් පාසලකට මාරුවක් ඉල්ලා සිටිය යුතුව තිබුණි.

“නඩුව ජයග්‍රහණය කර ඔවුන්ගේ තර්කය ඔප්පු කිරීමෙන් එම ගුරුවරුන් SHLC සම්ප්‍රදායන්ට ගරු කර, ස්වේච්ඡාවෙන් වෙනත් පාසලකට මාරු කරනු ලැබුවේ නම්, ආරවුල අමනාපයකින් තොරව සහ තොරව සාමකාමීව විසඳා ගැනීමට ඉඩ තිබුණි. අපේ වීරවරියන්ට ඔවුන්ගේ පෞද්ගලික ගෞරවය පමණක් නොව ඔවුන්ගේ ප්‍රජාවගේ ගෞරවයද ඉතිරි වනු ඇත. අවසාන වශයෙන්, මුළු කතාවෙන්ම පෙන්නුම් කරන්නේ ජන වාර්ගික කොටස් දෙකේම නායකත්වයේ අසාර්ථකත්වයයි.”

https://www.ft.lk/…/Abaya-saree-law-and-the…/4-730618

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*